ඇයි මේ Google IO Extended Sri Lanka මේ අවුරුද්දේ කිහිපයක් ලංකාවේ වෙන්නේ?

මේ දවස් වල කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ Google IO Extended Sri Lanka මේ අවුරුද්දේ කිහිපයක් ලංකාවේ වෙන්නේ කියලා. සරලම උත්තරේ නම් මම දන්නේ නැහැ කියන එක​.
ඒත් බැරිම තැන මම දන්න දේ ඔයාලට කියලා දෙන්න තමයි මේ පෝස්ටුව ලියන්න තීරණය කලේ.
Google IO Extended කියන ඒ event එක Google සමාගමේ Google IO කියන main event එකට සමගාමීව වෙන දෙයක්. ලෝකේ පුරා ඔනේම කෙනෙක්ට organize කරන්න පුලුවන්. තමන්ගේ ගෙදර උනත් කරන්න පුලුවනී. Public event එකක් කරනවා නම් sponsor කරන company එකට තනිකරම බරපැන දරන්න වෙනවා මොකද Google සමාගමෙන් කීයක්වත් event එක කරන්න දෙන්නේ නැති නිසා.
ගිය අවුරුද්දේ Google IO Extended Sri Lanka එක කරන්න Dialog Axiataඑකයි,IdeaMart team එකයි GDG Sri Lanka team එකයි අත්වැල් බැඳගෙන​ කලින් කිසිම වතාවක නොතිබුනු වෙනස්ම අත්දැකීමක් ලංකාවේ Tech Scene එකේ ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට ලබා දුන්නා. පලවෙනී වතාවට ලංකාවේ Google IO Extended Sri Lanka 2016 එක ගැන Google එකේ CEO Sundar Pichaiමහතා මතක් කරමින් කියා සිටියේ US වලින් පිට සිදුවෙන ලොකුම එක Google IO Extended event එක ලංකාවේ එක බවයි. අවිවාදයෙන්ම මෙතුවක් කාලෙකට ලංකාවේ තිබිච්ච හොඳම Google IO Extended එක බව හැමෝම පිලිගන්න කරුනක් පසුගිය අවුරුද්දේ එක බව පැහැදිලි කරුණක්. ReadMe එකෙන් හදපු after movie එක බලන්න​https://www.youtube.com/watch?v=s0NNeLIeCsY
අයියේ අක්කේ නංගියේ මල්ලියේ Dialog / Ideamart / GDG Sri Lanka එක මේක කරයි කියලා කිසි ලාබයක් ලැබුවේ නැහැ. Marketing gimix එකක් විදිහට පාවිච්චි කලේත් නැහැ. ඇයි එහෙනම් අපි මේක කලේ? අපි දන්නවා ඔය මොල ඇතුලේ ඊලඟ​ steve jobs ලා, mark zuckerberg ලා ඉන්නවා කියලා. අපිට පුලුවන් නම් මේ වගේ event එකකින් වෙනස්ම experience එකක් දීලා උන්ගේ මොල පාදන්න​, පෙන්නන්න ලංකාවේ tech scene එකේ කරලා තියෙන දේවල් මොනවද කියලා, free food සහා free t shirt වලින් ඔබ්බට දෙයක් දෙන්න​ එකයි අපේ පරමාර්තය​. නැත්නම් මොකක්ද තියෙන වැඩේ පිටරට තියෙන එකක් ලංකාවේ නිකම් කරලා?
මේ පාරත් කරනවා event එක සුපිරියටම. ගිය පාරට වඩා කට්ටියට එන්න chance එකක් ලබා දෙනවා. අමාරුවෙන් සල්ලි ටිකක් හොයා ගෙන කරන්නේ මේ පාරත්. බනී කට්ටිය මේ පාරත්. කමක් නැහැ. මේක අපි කරන්නේ ලංකාව වෙනුවෙන්. ලංකාව දියුණු රටවල් තියෙන tech skiils වලට​ දෙවෙනි නැහැ කියලා පෙන්නන්න​.
ලංකාවේ tech community එක​ ගොඩක් ඉස්සරහට ගෙනියන්න​ Dialog එකේ Ideamart team එකයි GDG Sri Lanka team එකයි දිවා රැ නොබලා වැඩ කරලා තියෙනවා. එක දන්නේ එක tech meetup එකකට හරි එක hackathon එකකට ගිහිල්ලා එක free tech workshop/ competition එකකට හරි ගිහින් ඉන්න කට්ටිය තමයි.
රටක Official Google IO Extended එකක් කියලා සලකන්නේ ඒ රටේ Google Developer Group එකත් එක්ක කරන event එක​.
Registrations open කරන දවස අපි කියන්නම්. දවස මැයි 17. Dialog Axiataඑකයි, Google Developer Group Sri Lanka (GDG Sri Lanka) team එකයි, Ideamart Team එකයි event එක කරන්නේ මේ පාර වෙනස්ම විදිහකට.
වෙනස ඇවිල්ලම බලන්න :)


Comments

  1. Aiya oya naththm api me mukuth dannee nhaa..Godak Thank u aiya...aiya me evnt ekata enna monwda thiyenna oni qualification??

    ReplyDelete

Post a Comment

Popular Posts