මොකක්ද මේ AngelHack කියන්නේ? The Story of AngelHack in Sri Lanka

2015 එදා රැ මාරම සීතල රාත්‍රියක්. මම පොතක් කියවන ගමන් හිටියේ. ඒ පොතේ හැටියට ලෝකෙම දැන් internet එක නිසා එකම රටක් බවට පත් වෙලා තියෙන්නේ. මට හිතුනා මේ වගේ  digital nation එකක ඉන්න අපිට පුලුවන්නම් ලංකාව ඉදිරියට ගෙනියන technology කණ්ඩායමක් හදන්න ලෝකෙට පෙන්නන්න අපි දෙවෙනි නැහැ කියල. ඒ කාලේ වනකොට සැහෙන්න මම Hackathon Scene එකට බර වෙලා හිටියේ. ඒ නිසා හිතුවා අපිට international hackathon එකක් ලංකාවට ගේන්න පුලුවන් නම් නියමයි කියලා. 

එහෙම හිතලා Youtube එකේ search කරන ගමන් මෙන්න මේ video එක මට අහම්බෙන් හම්බ උනා. 


දෙපාරක් හිතන්න ගියේ නැහැ. දැන ගත්තා මේක තමයි ලංකාවේ team එකක් USA, Silicon Valley වලට යවන්න තියෙන straight ticket එක කියලා. කෙලින්ම ගිහින් register උනා AngelHack website එකේ Ambassador කෙනෙක් විදිහට. පස්සේ තමයි දැන ගත්තේ මම තමයි පළවෙනි ලාංකික Angelhack Ambassador කියලා. 

මොකක්ද මේ AngelHack කියන්නේ?

AngelHack කියලා කියන්නේ රටවල් 50 ක Global Hackathon Series එකක් annually සිදු කරන කරන එකක් Silicon Valley එකේ තියෙන එකක්. මම විස්තරේ Dialog Ideamart එකේ මගේ supervisor ගාර්දිආරච්චි අයියාට කිවුවම මනුස්සයා එක පයින්ම කැමති උනා sponsorship එකක් දෙන්න මොකද එකේ Ideamart සෙට් එක global thinking නිසා සහා ලංකාවේ team එකක් Silicon Valley යවනවා කියන එක ලංකාවට ලොකු දෙයක් නිසා. Angelack එකේ South Asia Head of Marketing Ratish Narayanan සහෝදරයත් එක්ක එකතු වෙලා අපි AngelHack Sri Lanka 2016 එක සුපිරියටම කලා. Silicon Valley යන්න එක සෙට් උනේ Hype Hash Team එකට​. එයාලා හැදුවේ Hashtag monetize කරන platform එකක්.


HypeHash එකට මොකද උනේ?

වෙන මොනවා වෙන්නද ඉතින්, අපි දින්නා RightSide Capital එකෙන් seed funding සහා ලොකේම Y Combinator දන්න එකත් එක්ක වැඩ කරන්න එකක් ලැබුනා. 

මේකත් කියවන්න​ - http://www.readme.lk/hypehash-wins-big-angelhack-global-demo-day/

මේ එකේ team විශේෂත්වය තමයි නියම combitionation එකක් තියෙනවා. හරි team members ටිකක් එක්කාසු කරගෙන තියෙනවා Ravihans Wetakepotha . සැහැන්න වැදගත් ඔයාලත් මේ වගේ වෙන්න / startup එකක් හදන්න idea එකක් තියෙනවා නම්. 


Ravihans Idea එක pitch කරන ගමන්


HypeHash team එක ලෝක ප්‍රසිද්ධ Guy Kawasaki මහතා සමග​


AngelHack Sri Lanka මේ අවුරුද්දෙත් වෙනවද​?

ඔව්. අනිවාර්යයෙන්ම​. මේ පාරත් Dialog Ideamart එක event එක sponsor කරනවා. 
ජුනි 10 සහා 11 දවස් දෙකේ තමයි event එක වෙන්නේ http://angelhack.com/angelhack-global-hackathon-series-sri-lanka/

අපි event එක officially launch කරනවා Ravihans සහා HypeHash Team එකත් එක්ක මේ පාර Google IO Extended Sri Lanka 2017 powered by Dialog එකේදි. ඔන්න එහෙනම් මම Google IO එකේ session එකක් ගැන හෙලි කලා. 


වැඩිදුර විස්තර ඕනේ නම්?

AngelHack Sri Lanka  facebook page එකට එකක් දාන්න​. 

මේ වගේ දේවල් ලංකාව වගේ පුංච් රටවල් වල වෙන්න ඕනේ රටක් විදිහට ඉදිරියට යන්න. අපිට පුලුවන් කියලා හිතුවොත් කරන්න බැරි කිසිම දෙයක් නැහැ

ඔයාගේ යාලුවොත් කැමති ඇති මේ කතාව දැන ගන්න. Share කරන්න අමතක කරන්න එපා


Comments

Popular Posts